Pages

Saturday, February 2, 2013

Posted by at 11:31 AM
මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ නංගි පැටියො.....

Thursday, January 24, 2013

මං තරහ නෑ.........

Posted by at 9:21 AM


කොහෙන් පටන් ගන්නද මන්දා. ___________ මගේ ජීවිතේට එව්වෙ මගේ උද්දච්චකමට පාඩමක් උගන්නන්න.එක දැන් මට තේරිලා ඉවරයි.හරි...කමක් නෑ මගෙන් ඕන පලියක් ගනින්.හැබැයි මට රිද්දන්න මේ අහිංසක කෙල්ලට දුක්දෙන්න එපා.උඹ දන්නව මට රිද්දන්න පුළුවන් හොඳම විදිය ඒක බව.ඕන දෙයක් මාත් එක්ක.උඹට ඕන තරම් මාව අඬවපන්, අපහාස කරවපන්, මගේ හීන කුඩු කරපන් මං ඕන දේකට ලෑස්තියි.උඹ ඕක පටන් ගත්තෙ මීට අවුරුදු 7කට විතර කලින්.කොල්ලො මැදින් යන්න එපා කියල මං බනිද්දි උඹ මට හිනාවෙන්න ඇති.කොල්ලෙක් ඇඟේ ගෑවුන කෙල්ලෙක්ට කැමති නැති මට ගේමක් දෙන්න උඹ ප්ලෑන් කරන්න ඇති.පලමු ආදරේ ඈත් උනාම දුප්පත් අහිංසක කෙල්ලෙක් හොයද්දි කටු මැටි පැලක හිටපු රෙද්ද උස්සං කුනුහරුපෙන් කතා කරගෙන වලියට එන කෙල්ලෙක් මට ලංකරල උඹ හෙන ආතල් ගන්න ඇති.කෙල්ලො නතිං හිටපු මගේ ජීවිතයට අහිංසක කෙල්ලෙක් ගෙනත්,හැමදාම ඒ කෙල්ලගේ ඇස් කඳුලු වලින් පුරවල උඹ වින්ද පහත් වින්දනේ මට තේරෙන්නෙ නෑ බං.දැන් තියන තත්වේ උඹෙ අවසාන ගේම නෙවෙයි.හේතුව මං අරූගේ ලමය හම්බෙන එක නැති කරපු එක.මං එදා උදව් නොකරනම් ඒ කොල්ලයි කෙල්ලයි මෙලහකට මැරිල.කොහොම උනත් මං ආයෙත් ඉල්ලන්නෙ මගෙන් ඕන පලියක් ගනින්.මමත් මහ ලොකු පින් කරපු මිනිහෙක් නෙවෙයි.ඒත් මං මහ අපරාධ කාරයෙක් නෙවෙයි.ආදරේ කරන කොල්ලෙක්ගෙන් හිත රිදෙන්න ඕන උපරිම තැනට උඹ අද ගැහුවා.මේ වගේ වෙලාවට යාලුවන්ට මං දාපු පඬි ටෝක්ස් දැන් කැලේ.උඹ ඕක වෙන කාට කරත් හිත හදාගන්න පුලුවං බං.ඒත් මට රිද්දන්න පුලුවන් එයා මගින් විතරයි කියල උඹ හොයාගත්තා.ඒත් උඹට මාව වට්ටන්න බෑ පුතේ.උඹ මට දීපු පාඩම් වලින් මගේ ජීවිතේ හදාගත්තා.ඔහොම නෙවෙයි යකෝ මිනිස්සු 100ක් එක්ක ඉඳල ලමයි 1000ක් හදල ආවත් මං ඒ කෙල්ලට ආදරෙයි.ගැහැනියක් උනත් තාම ඒ මගේ චුටි කෙල්ල.දවසක " මට ඔයා එපා අය්යේ,මං ආදරේ නෑ " කියනකන් මං ඒ කෙල්ල ලඟ ඉන්නවා.මැරෙනකං ආදරේ කරනව.මං උඹට අභියෝග කරන්නෙ නෑ.මොකද උඹට ඕනම බලු වැඩක් කරන්න පුළුවන්.අවසාන වතාවට ඉල්ලන්නම් ඒ අහිංසක කෙල්ලට දුකක් දෙන්න එපා......

පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී…

Posted by at 8:02 AM
සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ…
කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳු රැල්ලේ…


කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී…
දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී…
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී…
පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී…


ඇයට මවක් පියෙක් නොමැත ක්සිතිජ වළල්ලේ…
කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ…
ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ…
ඇයට ළැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ…

Saturday, January 19, 2013

දිවිය ති‍යෙන තුරු මගේ ඔබයි ආදරේ….

Posted by at 1:22 AM
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය ති‍යෙන තුරු මගේ ඔබයි ආදරේ….


අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා
මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ


හිතරිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..


ඉවසීම සහ අහිමි පෙම....

Posted by at 1:07 AM
ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති...
අපමන සිතුවිලි දයාබරයි....
ඉටු නොවෙනා බව දැනසිටිනා'මුදු..
ඔබම පතා සිත පෙරුම් පුරයි....

Sunday, January 13, 2013

ඇය වෙනුවෙන්......

Posted by at 12:46 AM
තුඩඟ විසැති බඹරුන් බෝම
සිටිත් සුවඳ මල් අතර
රොන් උරා මල් තලන
මකරන්ද සිස් කරන
මලේ ලොව
මලටවත් නැති කරන
උන් සිටී
මග බලාගෙන
පිපි මලක
පතිවත උදුරාගන්න....

එක අත්තක මල්...

Posted by at 12:33 AM
ඔයාට මං ආදරය කලේ අද ඊයෙ නෙවෙයි. ඔයත් එහෙමයි. අපි දෙන්න අපි දෙන්නට හොරාට අපි ගැන හීන මවපු හැටි මතක් වෙද්දි " මං ආදරෙයි " කියන්න මේතරම් කල් ගත්ත එකට මං ගොඩක් දුක් වෙනවා.අපිට අවුරුදු ගානකට කියාගන්න බැරිව තිබුණු ආදරයක් මෙහෙම එක පාරටම එලියට එද්දි හිතට මොකද්ද වගෙ තමයි.ඒත් ඒකට ලොකුම හේතුව අපි හැදුනේ වැඩුනෙ එකටම නිසා.ඒ අතීතය මතක්කරගෙන මම අඬපු තරමට වඩා දහස් වාරයක් ඔයා අඬපු බව මම දන්නව රත්තරං.මම ඔයාට ආදරේ කරනවට වඩා ඔයා මට ආදරේ කරන බවත් මම දන්නව.ඒත් ඔයා දැන් කියපු කතාවට මගෙ ගල් හිත හොඳටම රිදුනා.ඔයා මට අත්තක තියන එක මලක් නෙවෙයි.ඔයා මගේ ජීවිතේම කරගෙන මම ගොඩක් කල්.ඒ වචන ටික කියන්න ඔයගේ හිතට හයිය ආවෙ කොහොමද කියල මට පුදුමයි.ඔයා ඉස්සර හිටපු මගේ පුංචි කෙල්ල නෙවෙයි.කොළඹට වෙලා තනියම යුනිවසිටි යනගමන් රස්සාවත් කරගෙන අත්දැකීම් ගොඩක් එක්ක හිතේ හයිය එන්න ඇති.ඒත් ආදරේ පිරිල ඉතිරෙන්න ඇස් දෙක දිහා බලං ඉඳිද්දි ඒ වගේ වචනයක් ඔයගේ කටින් පිටවුනාම මං කොච්චර අසරණ වෙනවද කියල ඔයත් දන්නව.ඒක දන්න නිසා තමයි "මගේ අයිය අඬන්න එපා" කියල මැසේජ් කරන්නේ.මං කවදාවත් ඔයා එක්ක තරහ නෑ.මට එහෙම ඉන්නත් බෑ.ඔයා වෙන කෙනෙකුට අයිති වෙලත් මෙච්චර ආදරේ කරන්නේ ඒ හින්දා.කවදාවත්ම ඔයා මට නොලැබුනත් ඒ ආදරේ වෙනස් වෙන්නේ නෑ.ඔයා එක මලක්වත්,උඩින් තියන මලක්වත් නෙවෙයි.ඔයා මගේ ජීවිතේම.දවසක ඔයා ඒක තේරුම් ගනීවි.හැමදාම ආදරෙයි...
© ගල් ගැසුන සිතුවිලි is powered by Blogger - Template designed by Color Web Designs