Posted by මල් බබා at 9:21 AM
Read our previous post
කොහෙන් පටන් ගන්නද මන්දා. ___________ මගේ ජීවිතේට එව්වෙ මගේ උද්දච්චකමට පාඩමක් උගන්නන්න.එක දැන් මට තේරිලා ඉවරයි.හරි...කමක් නෑ මගෙන් ඕන පලියක් ගනින්.හැබැයි මට රිද්දන්න මේ අහිංසක කෙල්ලට දුක්දෙන්න එපා.උඹ දන්නව මට රිද්දන්න පුළුවන් හොඳම විදිය ඒක බව.ඕන දෙයක් මාත් එක්ක.උඹට ඕන තරම් මාව අඬවපන්, අපහාස කරවපන්, මගේ හීන කුඩු කරපන් මං ඕන දේකට ලෑස්තියි.උඹ ඕක පටන් ගත්තෙ මීට අවුරුදු 7කට විතර කලින්.කොල්ලො මැදින් යන්න එපා කියල මං බනිද්දි උඹ මට හිනාවෙන්න ඇති.කොල්ලෙක් ඇඟේ ගෑවුන කෙල්ලෙක්ට කැමති නැති මට ගේමක් දෙන්න උඹ ප්ලෑන් කරන්න ඇති.පලමු ආදරේ ඈත් උනාම දුප්පත් අහිංසක කෙල්ලෙක් හොයද්දි කටු මැටි පැලක හිටපු රෙද්ද උස්සං කුනුහරුපෙන් කතා කරගෙන වලියට එන කෙල්ලෙක් මට ලංකරල උඹ හෙන ආතල් ගන්න ඇති.කෙල්ලො නතිං හිටපු මගේ ජීවිතයට අහිංසක කෙල්ලෙක් ගෙනත්,හැමදාම ඒ කෙල්ලගේ ඇස් කඳුලු වලින් පුරවල උඹ වින්ද පහත් වින්දනේ මට තේරෙන්නෙ නෑ බං.දැන් තියන තත්වේ උඹෙ අවසාන ගේම නෙවෙයි.හේතුව මං අරූගේ ලමය හම්බෙන එක නැති කරපු එක.මං එදා උදව් නොකරනම් ඒ කොල්ලයි කෙල්ලයි මෙලහකට මැරිල.කොහොම උනත් මං ආයෙත් ඉල්ලන්නෙ මගෙන් ඕන පලියක් ගනින්.මමත් මහ ලොකු පින් කරපු මිනිහෙක් නෙවෙයි.ඒත් මං මහ අපරාධ කාරයෙක් නෙවෙයි.ආදරේ කරන කොල්ලෙක්ගෙන් හිත රිදෙන්න ඕන උපරිම තැනට උඹ අද ගැහුවා.මේ වගේ වෙලාවට යාලුවන්ට මං දාපු පඬි ටෝක්ස් දැන් කැලේ.උඹ ඕක වෙන කාට කරත් හිත හදාගන්න පුලුවං බං.ඒත් මට රිද්දන්න පුලුවන් එයා මගින් විතරයි කියල උඹ හොයාගත්තා.ඒත් උඹට මාව වට්ටන්න බෑ පුතේ.උඹ මට දීපු පාඩම් වලින් මගේ ජීවිතේ හදාගත්තා.ඔහොම නෙවෙයි යකෝ මිනිස්සු 100ක් එක්ක ඉඳල ලමයි 1000ක් හදල ආවත් මං ඒ කෙල්ලට ආදරෙයි.ගැහැනියක් උනත් තාම ඒ මගේ චුටි කෙල්ල.දවසක " මට ඔයා එපා අය්යේ,මං ආදරේ නෑ " කියනකන් මං ඒ කෙල්ල ලඟ ඉන්නවා.මැරෙනකං ආදරේ කරනව.මං උඹට අභියෝග කරන්නෙ නෑ.මොකද උඹට ඕනම බලු වැඩක් කරන්න පුළුවන්.අවසාන වතාවට ඉල්ලන්නම් ඒ අහිංසක කෙල්ලට දුකක් දෙන්න එපා......
