Comments

Pages

Saturday, January 19, 2013

ඉවසීම සහ අහිමි පෙම....

Posted by at 1:07 AM Read our previous post
ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇති...
අපමන සිතුවිලි දයාබරයි....
ඉටු නොවෙනා බව දැනසිටිනා'මුදු..
ඔබම පතා සිත පෙරුම් පුරයි....


මේක දැක්කම තරහ යනව තමයි.ඒත් වෙලාවකට අපේ ආදරේ ඇත්තම තත්වය මේක නේද කියල හිතෙනව.අද දවසේ වැරද්දක්ද මන්ද,මට මහ ගොන් සිතුවිලි තමයි ඔලුවට එන්නේ.පොඩි උන් දෙන්න සෙල්ලම් කරද්දි මට මතක්වෙන්නෙම අපේ අතීතය.ඒ දේවල් අතීතයටම උරුම වේවි.අඬන්න මට කඳුළු එන්නෙ නෑ.ඒක තමයි අවුල.කොට්ටෙ බදාගෙන ඇඬුවනම් මේ හැමදේම හරි.ඒත් මං අඬන්න ඕන හේතුව මට තේරෙන්නෙ නෑ.ඔයා එයත් එක්ක එකට යද්දි මට දුකයි තමයි.ඒත් මං ආදරය කරන්න පටන් ගත්තේ ඔයා එයගෙ බව දැනගෙන.මං ඉන්න ඕන තැන එයා ඉන්න කොට හිතට දැනෙන වේදනාව............... අනේ මන්ද?කෙල්ලෙක් වෙනුවෙන් ආයෙත් අඬන්නෙ නෑ කියල හිතන් හිටපු මට ජීවිතෙන් දීපු දඬුවමක්ද කියලත් හිතෙනව.මම ආදරේ කරන,මට ආදරේ කරන ඔයා වෙන කෙනෙක් ලඟ.ඒක ටිකක් පිස්සු වගේ නේද?අපේ කතාව නොදන්න අයට මේක හෙනම පිස්සුවක්.ඒත් සැබෑ ජීවිතේ මේ වගේ දේවල් සිද්ද වෙනවා.කොහොම උනත් මට ජීවිතේ ගොඩක් දේවල් ඉගන ගන්න තියන බව තේරෙන්නෙ දැන්.ඉවසීම උපරිමේටම පුරුදු වෙන්න පුලුවන්.වෙලාවකට හිතෙනව මේ හැමදේම අමතක කරල පුරුදු විදියට මගේ ආදරේ හිතේ තියාගෙනම ඉන්න.ඔයාට ආදරය කරපු එකට මං ගොඩක් සතුටු වෙනව.ඒක අමුතුයි.ඒකට "ආදරය" කිව්වම මදි වගේ.ඔයාව ලැබෙනකන් මට ඉවසන් ඉන්න පුළුවං.ඒත් ඒ අතර සිදුවීම මට දරාගන්න අමාරුයි.මං උපරිම උත්සහ කරන්නම්.ඔයාට දුක නොදැනෙන්න.ඔයා සතුටින් ඉන්නවනම් මට ඇති.මේ හැමදේම ඔයාගේ සතුට වෙනුවෙන්.මං ඔයාගේ ආදරයට ලෝබයි.ඒක මගේ දුර්වලකමක්.ආදරේ හිතේ තියාගෙන හීන මවන එක ලොකු සැනසීමක්.ආදරෙයි හැමදාටම.
© ගල් ගැසුන සිතුවිලි is powered by Blogger - Template designed by Color Web Designs