Comments

Pages

Sunday, January 13, 2013

එක අත්තක මල්...

Posted by at 12:33 AM Read our previous post
ඔයාට මං ආදරය කලේ අද ඊයෙ නෙවෙයි. ඔයත් එහෙමයි. අපි දෙන්න අපි දෙන්නට හොරාට අපි ගැන හීන මවපු හැටි මතක් වෙද්දි " මං ආදරෙයි " කියන්න මේතරම් කල් ගත්ත එකට මං ගොඩක් දුක් වෙනවා.අපිට අවුරුදු ගානකට කියාගන්න බැරිව තිබුණු ආදරයක් මෙහෙම එක පාරටම එලියට එද්දි හිතට මොකද්ද වගෙ තමයි.ඒත් ඒකට ලොකුම හේතුව අපි හැදුනේ වැඩුනෙ එකටම නිසා.ඒ අතීතය මතක්කරගෙන මම අඬපු තරමට වඩා දහස් වාරයක් ඔයා අඬපු බව මම දන්නව රත්තරං.මම ඔයාට ආදරේ කරනවට වඩා ඔයා මට ආදරේ කරන බවත් මම දන්නව.ඒත් ඔයා දැන් කියපු කතාවට මගෙ ගල් හිත හොඳටම රිදුනා.ඔයා මට අත්තක තියන එක මලක් නෙවෙයි.ඔයා මගේ ජීවිතේම කරගෙන මම ගොඩක් කල්.ඒ වචන ටික කියන්න ඔයගේ හිතට හයිය ආවෙ කොහොමද කියල මට පුදුමයි.ඔයා ඉස්සර හිටපු මගේ පුංචි කෙල්ල නෙවෙයි.කොළඹට වෙලා තනියම යුනිවසිටි යනගමන් රස්සාවත් කරගෙන අත්දැකීම් ගොඩක් එක්ක හිතේ හයිය එන්න ඇති.ඒත් ආදරේ පිරිල ඉතිරෙන්න ඇස් දෙක දිහා බලං ඉඳිද්දි ඒ වගේ වචනයක් ඔයගේ කටින් පිටවුනාම මං කොච්චර අසරණ වෙනවද කියල ඔයත් දන්නව.ඒක දන්න නිසා තමයි "මගේ අයිය අඬන්න එපා" කියල මැසේජ් කරන්නේ.මං කවදාවත් ඔයා එක්ක තරහ නෑ.මට එහෙම ඉන්නත් බෑ.ඔයා වෙන කෙනෙකුට අයිති වෙලත් මෙච්චර ආදරේ කරන්නේ ඒ හින්දා.කවදාවත්ම ඔයා මට නොලැබුනත් ඒ ආදරේ වෙනස් වෙන්නේ නෑ.ඔයා එක මලක්වත්,උඩින් තියන මලක්වත් නෙවෙයි.ඔයා මගේ ජීවිතේම.දවසක ඔයා ඒක තේරුම් ගනීවි.හැමදාම ආදරෙයි...
© ගල් ගැසුන සිතුවිලි is powered by Blogger - Template designed by Color Web Designs