Pages

Tuesday, February 4, 2014

ගල් ගැහුනු සිතිවිලි අයෙත්

Posted by at 7:52 AM
ගල් ගැහුනු සිතිවිලි අයෙත් කතාකරන්නෙ අවුරුද්දකටත් වඩා වැඩි කාලයකට පස්සේ.තාමත් එදා වගේම මං ආදරෙයි මගේ නංගී. ඔයාව සැකකරන්නෙ නෑ කවදාවත්. ඒත් ඒ මැසේජ් එක දැකපු වෙලාවේ මං මැරිල වැටුනෙ නැති එක පුදුමයි. පොඩි කාලයක ඉඳන් මගෙ හිත බිඳුනු දේවල් ගොඩක් උනා. ඔයා බස් එකේ පරක්කු වෙනකොට, ඔෆිස් එකෙන් එනකොට කියන්නෙ නැති උනාම, කාල ඇවිත් කෝල් කරන්නෙ නැති උනාම මට වෙනසක් දැනුනා. මගේ ආදරේ ඔයාට මදිද කියල මට හිතුන වාර අනන්තයි.මං හැමවෙලාව්ම ඔයාට ගොඩක් ආදරේ දෙන්න උත්සහ කරා. එදා මැසේජ් එක දැක්කම මට කතා කරගන්න බැරුව කාමරේට ගිහින් වාඩි වෙල හිටියා. ඒ 'ලොකූ' ඔය දන්න කෙනෙක් බව මම දන්නව.ඔයා මට කලින් කියල තියන විදියට චතුරංග ගේ අන්වර්ත නාමය ලොකූ.ඔයා කාමරේට ගියේ මැසේජ් එක ගහන්න කියල මං දන්නව. තාත්තා බලන්න කාමරේට ගියානම් ඔච්චරවෙලා යන්නෙ නෑ. 
© ගල් ගැසුන සිතුවිලි is powered by Blogger - Template designed by Color Web Designs